දිගු වේලාවක් කඩුල්ලේ රැඳී සිටිමින් කණ්ඩායමට විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා දීම තම අරමුණ බව කුසල් මෙන්ඩිස් ප‍්‍රකාශ කලා. ශ‍්‍රී ලංකා ඔස්ටේ‍්‍රලියා පලමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ 3 වන දිනය අවසන් වීමෙන් පසුව පැවති ප‍්‍රවෘත්ති සාකච්ජාවේදීයි ඔහු මේ බව සඳහන් කලේ. අද (29) සහ හෙට (30) දිනය තුළ තණතීරුව දග පන්දු යවන්නන්ට වාසිදායක වනු ඇති බව කුසල් සඳහන් කලා. විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගනිමින් පන්දු යවන්නන්ට සහයෝගය ලබා දීම තම අරමුණ බවයි ඔහු එහිදී ප‍්‍රකාශ කලේ. ලකුණු 250…
Read MoreAuthor: Chathuka Divashana
මනෝහර් ක‍්‍රිකට් ලෝක මුල් පුටුවට
හිටපු ඉන්දීය ක‍්‍රිකට් සභාපති ෂාසන්ක් මනෝහර් මහතා ජාත්‍යාන්තර ක‍්‍රීකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස තේරී පත් වුනා. ඒ අනුව ජාත්‍යාන්තර ක‍්‍රීකට් කවුන්සිලයට තේරී පත් වූ පලමු ස්වාධින සභාපතිවරයා වන්නේ ඔහුයි. මීට දින 3 කට පෙර ඔහු ඉන්දීය ක‍්‍රිකට් සභාපති තණතුරෙන් ඉල්ලා අස් වුනා. ජාත්‍යාන්තර ක‍්‍රීකට් කවුන්සිල සභාපති ධුරය විනිවිධ භාවයෙන් යුතුව පවත්වාගෙන යාම තම අරමුණ බවයි මනෝහර් මහතා සඳහන් කලේ. ඔහුගේ නිල කාලය වසර 2 ක්.
Read More