හබේනාට වාර්තාව මග හැරෙයි

හබේනාට වාර්තාව මග හැරෙයි

රග්බි ලෝක කුසලාන තරගාවලියේ තුන්වන ස්ථානය සදහා පැවති තරගයෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුනා. ඔවුන් ආජන්ටිනා කණ්ඩායම පරාජය කලේ ලකුණූ 24 ට 13ක් ලෙසින්. තරගය පැවැත්වුනේ ලන්ඩනයේ ඔලිම්පික් පාක්හිදී. තරගයේ පළමු අර්ධයේදී 16 -0ක් ලෙස ඉදිරියෙන් සිටීමට දකුණු අප්‍රිකාව සමත් වුනා. දෙවන අර්ධය නිමාවන විට උත්සහක දිනුම් 2ක් ප්‍ර‍වර්තන ගෝලයක් සහ දඩුවම් පහර 4ක් මගින් ඔවුන් ලකුණු 24ක් රැස් කරගත්තා. උත්සහක දිනුමක්, ප්‍ර‍වර්තන ගෝලයක්, දඩුවම් පහරක් සහ ඩ්‍රොප් ගෝලයක් වාර්තා කල ආජන්ටිනාව රැස්කරගත් ලකුණු…

Read More

අබලන් තණතීරුව නිසා තරගය නවතී

අබලන් තණතීරුව නිසා තරගය නවතී

නවසීලන්ත කණ්ඩායමේ ඔස්ට්‍රේලියා සංචාරයේ තුන්දින පුහුණු තරගය අත්හැර දැමුණා. ඒ කීඩාංගණයේ තණතීරුව පළමු පෙල තරගයකට නුසුදුසු තත්වයක පැවතීම හේතුවෙන්. පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ පළමු කඩුල්ල බිද වැටුනේ ලකුණු 503දී. දෙවන දින දිවා ආහාරයට සුළු වේලාවකට පෙර රයන් කාටර්ස් ලකුණු 209කට දැවී ගියා. ඒරොන් ෆින්ච් නොදැවි ලකුණු 288යි. ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගුනු ලකුණු 503ක සබදතාව ඔස්ට්‍රේලියා පළමු පෙල ක්‍රිකට් වාර්තාවක් ලෙස සටහන් වුනා. පළමු කඩුල්ල බිද වැටීමෙන් පසු ඔස්ට්‍රේලියා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම…

Read More

දෝනි අප්‍රිකාව පරදවයි

දෝනි අප්‍රිකාව පරදවයි

දකුණු අප්‍රිකාව සමග පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 22ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව  සමත් වුනා. තරගය පැවැත්වුනේ ඉන්ඩොරේහි හොල්කාර් ක්‍රීඩා පිටියේදී.  කාසියේ වාසිය දිනූ ඉන්දීය පිල පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කලා. පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ඔවුන් රැස්කල ලකුණු සංඛ්‍යාව 247ක්. අජින්ක්යා රහානේ ලකුණු 51යි. මැද පෙල ශක්තිමත් කල නායක මහේන්ද්‍ර‍සිං දෝනි ලකුණු 92ක් වාර්තා කලා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකා පිල පන්දුවාර 43.4කදී ලකුණු 225කට සීමා වුනා. අක්සාර් පටෙල් සහ බුවනේෂ්වර්…

Read More

චීන ටෙනිස් ජොකෝවිච්ට

චීන ටෙනිස් ජොකෝවිච්ට

චීන විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් සමත් වුනා. ඔහු අතින් වට 2-0ක් ලෙස පරාජයට පත්වුනේ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල්. 6-2ක් බැගින් වට දෙකේම ලකුණු සටහන් වුනා. කාන්තා ශූරතාවය හිමිකරගත්තේ ස්පාඤ්ඤයේ ගාබින් මුගුරුසා විසින්. ඇය අතින් වට 2-0ක් ලෙස පරාජයට පත්වුනේ ස්විස් ක්‍රීඩිකා ටිමියා බැක්සින්ස්කි. 7-5ක් සහ 6-4ක් ලෙසයි ලකුණු තත්වය සටහන් වුනේ.

Read More

ශ්‍රී ලංකා එ් පිලට නවසීලන්තයේදී බැට

ශ්‍රී ලංකා එ් පිලට නවසීලන්තයේදී බැට

ශ්‍රී ලංකා සහ නවසිලන්ත ඒ කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට  නවසීලන්තය සමත් වුනා. ඊයේ පැවති තුන්වන එක්දින තරගය ඔවුන් ජයගත්තේ ලකුණු 117කින්. පළමු වෙන් පන්දුවට පහරදුන් නවසින්ත ඒ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 302ක් රැස්කලා. විල් යංග් ලකුණු 85ක් ලබාගත්තා. ෂෙහාන් ජයසූරිය කඩුලු 3ක් දවාගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා ඒ පිල පන්දුවාර 40.5කදී ලකුණු 185කට සිමා වුනා. නිරෝෂන් දික්වැල්ල අර්ධ ශතකයක් වාර්තා කලා. තරග 4කින් යුත්…

Read More

ශ්‍රී ලංකාව පිලිපීනයට වැඩ පෙන්වයි

ශ්‍රී ලංකාව පිලිපීනයට වැඩ පෙන්වයි

ආසියා සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියරේ සහභාගි වූ පළමු තරගයෙන් පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. පිලිපිනය සමග පැවති තරගයෙන් ලකුණු 38ට 7ක් ලෙසයි ශ්‍රී ලංකා පිල ජය හිමිකරගත්තේ. උත්සහක දිනුම් 6ක් සහ පරිවර්තන ගෝල 4ක් මගින් ශ්‍රී ලංකා පිල ලකුණු රැස් කලා. බී කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය පස්වරු 6.22ට ඇරඹෙන්නේ මැලේසියාව සමගින්. කාන්තා තරගාවලියේදී සහභාගි වූ තරග තුනෙන්ම ශ්‍රී ලංකාවට පරාජය හිමිවුනා. කසකස්තානය හමුවේ 17-10ක් ,…

Read More

වෝන්ගෙන් අර්ජුනට කැපිල්ලක්

වෝන්ගෙන් අර්ජුනට කැපිල්ලක්

1990න් පසු බිහිවූ විශිෂ්ටතම ශ්‍රී ලංකා පිල නම් කිරීමට ෂේන් වෝන් කටයුතු කලා. වෝන් ලොව බිහිවූ විශිෂ්ටතම පා දග පන්දු යවන්නා ලෙසයි සැලකෙන්නේ.  ඔහු සමග ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයන් අතරින් තෝරා ගත් විශිෂ්ටතම ශ්‍රී ලංකා පිල සිය නිල ෆේස් බුක් පිටුවේ ප්‍රදර්ශනය කර තිබෙනවා. ආරම්භක පිතිකරුවන්ලෙස මාවන් අතපත්තු සහ සනත් ජයසූරියයි  ඔහු තෝරාගෙන තිබෙන්නේ. තුන්වන පිතිකරු ලෙස අසංක ගුරුසිංහ සහ කඩුලු රකින්නා ලෙස කුමාර සංගක්කාර නම්කර තිබෙනවා. සෙසු පිතිකරුවන් ලෙස අරවින්ද ද සිල්වා සහ තිලකරත්න…

Read More

ගොල්ෆ් ශූරයාට ආහාර විෂවෙයි

ගොල්ෆ් ශූරයාට ආහාර විෂවෙයි

ගොල්ෆ් ශූර රෝරි මැක්ලෝරි ආහාර විෂවීමකට ලක්ව රෝහල් ගත කර තිබෙනවා. ෂැන්ග්හයි හි පැවැත්වෙන අන්තර්ජාතික ගෝල්ෆ් ශූරතා තරගාවලියට එක්වීමට සිටින අතරතුරයි ඔහු මෙම තත්වයට මුහුණ දී තිබෙන්නේ. අගහරුවාදා රාත්‍රී ආහාරයට ගත් යමක් නිසා මෙම තත්වයට මුහුණ දීමට සිදුවූ බව රෝරි සදහන් කලා. මේ වන විට ඔහුගේ තත්වය සුව අතට පත්වෙමින් ඇති බවයි වෛද්‍යවරු පවසන්නේ. තවත් දින දෙකක් පමණ විවේක ගැනීමෙන් පසු තරගාවලියට එක්වන බව රෝරි සදහන් කලා. ලෝක ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානය ඔහුට හිමිව තිබෙනවා….

Read More

සිම්බාබ්වේ පාකිස්තානය සම කරයි

සිම්බාබ්වේ පාකිස්තානය සම කරයි

පාකිස්තානය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සම තත්වයට පත් කිරීමට සිම්බාබ්වේ පිල සමත් වුනා. ඒ ඊයේ පැවති තරගයෙන් ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කරමින්. පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල පන්දුවාර 50 අවසා‍නයේ කඩුලු 6කට ලකුණු 276ක් රැස්කලා. චමූ චිබාබා ලකුණු 90ක් ලබාගත්තා. එල්ටන් චිගුම්බුරා ලකුණු 69ක් ලබා සිටියදී හිට් විකට් වීමෙන් දැවීගියා. වහාබ් රියාස් කඩුලු 4ක් දවාගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල පාකිස්තානය පන්දුවාර 48කදී කඩුලු 8කට රැස් කල ලකුණු සංඛ්‍යාව 256ක්. අඩු ආලෝක තත්වය නිසා පන්දුවාර…

Read More

ශාෂන්ක් ඉන්දීය ක්‍රිකට් මහ පුටුවට

ශාෂන්ක් ඉන්දීය ක්‍රිකට් මහ පුටුවට

ඉන්දීය නීතීඥ ශාෂන්ක් මනෝහර් ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයා ලෙස පත්වුනා. 58 හැවිරිදි ශාෂන්ක් සභාපති ධුරයට පත්වුනේ දෙවන වතාවට. හිටපු සභාපති ජග්මෝහන් දල්මියා මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ සභාපති ධුරයයි ඔහුට හිමිවුනේ.  ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල විශේෂ මහසභා රැස්වීමේදී නව සභාපතිවරයා ‍තෝරා ගැනුනා. වසර දෙකක කාලයක් ඔහු සභාපති ධුරයේ කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

Read More
1 2 3 4