ඔස්ටේ‍්‍රලියාව ගැන කුසල් කිව්ව කථාව

ඔස්ටේ‍්‍රලියාව ගැන කුසල් කිව්ව කථාව

දිගු වේලාවක් කඩුල්ලේ රැඳී සිටිමින් කණ්ඩායමට විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා දීම තම අරමුණ බව කුසල් මෙන්ඩිස් ප‍්‍රකාශ කලා. ශ‍්‍රී ලංකා ඔස්ටේ‍්‍රලියා පලමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ 3 වන දිනය අවසන් වීමෙන් පසුව පැවති ප‍්‍රවෘත්ති සාකච්ජාවේදීයි ඔහු මේ බව සඳහන් කලේ. අද (29) සහ හෙට (30) දිනය තුළ තණතීරුව දග පන්දු යවන්නන්ට වාසිදායක වනු ඇති බව කුසල් සඳහන් කලා. විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගනිමින් පන්දු යවන්නන්ට සහයෝගය ලබා දීම තම අරමුණ බවයි ඔහු එහිදී ප‍්‍රකාශ කලේ. ලකුණු 250…

Read More

41 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ ප්‍ර‍ථිඵල

41 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ ප්‍ර‍ථිඵල

41 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා සහ පිරිමි අවසන් තරග දෙකම ජයගනිමින් සමස්ත හොකී ශූරතා මධ්‍යම පළාත හිමිකරගත්තා. සමස්ත අනුශූරතව හිමිවුනේ බස්නාහිර පළාතට. පිරිමි ලෝකඩ පදක්කම වයඹ පළාතත් කාන්තා ලෝකඩ පදක්කම දකුණු පළාතත් හිමිකරගත්තා. තරගාවලිය පැවැත්වුනේ කොළඹ රීඩ් මාවතේ කෘතිම හොකී පිටියේදී. — 41 වන ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා බස්නාහිර පළාත හිමිකරගත්තා. අවසන් තරගය පැවැත්වුනේ වයඹ පළාත් කණ්ඩායමත් සමගින්. තරගාවලියේ තුන්වන ස්ථානය දිනාගත්තේ සබරගමුව කණ්ඩායම. කාන්තා අවසන් තරගය…

Read More

ශ්‍රී ලංකා කොදෙව් දෙවන 20-20 තරගය සජීව තොරතුරු

ශ්‍රී ලංකා කොදෙව් දෙවන 20-20 තරගය සජීව තොරතුරු

461 වන 20-20 අන්තර්ජාතික තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටිය කොදෙව් පිලට ලකුුණු 23ක ජයක්. 20-20 තරගාවලිය 1-1ක් ලෙස සම තත්වයෙන් අවසන් වනවා. කොදෙව් පිල ශ්‍රී ලංකා සංචාරයේදී හිමිකරගත් එකම ජය ග්‍ර‍ණය මෙය ලෙස සටහන් වනවා.  ශ්‍රී ලංකා පිල ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ සහභාගි වූ 20-20 තරග 10න් ජයගෙන ඇත්තේ 1 තරගයක් පමණයි.   20 වන පන්දුවාරය – රවි රම්පෝල් 1 0 1 0 1 W 139/10 චමීර 3 19.6 මාලිංග කඩුල්ල විවෘත කරමින් පහරක් එල්ල කරනවා. පන්දු කෙලින්ම කඩුල්ලේ…

Read More

කලින් වගේ හොඳම දස්කම් අතරට එන්න බෑ – ලසිත් මාලිංග

කලින් වගේ හොඳම දස්කම් අතරට එන්න බෑ – ලසිත් මාලිංග

තමාගේ හොදම දක්ෂතා අතරට යලිත් පැමිණීමට තමාට නොහැකි බවයි ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසන්නේ. කොදෙව් පිල සමග පැවති පළමු 20-20 තරගය අවසානයේ අප වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍ර‍කාශ කලා. හෙට පැවැත්වෙන අවසන් 20-20 තරගයේදී ක්‍රීඩකයන් සම්බන්ධයෙන් අත්හදා බැලීම් සිදු කිරීම පිළිබදවද මාලිංග අදහස් පල කලා. හෙට(11) තරගය රාත්‍රී 7ට ආරම්භ වන්නේ ඛෙත්තාරාම පිටියේදී.

Read More

ක්‍රිකට් නිලවරණය ජනවාරි 03

ක්‍රිකට් නිලවරණය ජනවාරි 03

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ජනවාරි 03 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය සදහන් කලා. ඒ සදහා මූලික කටයුතු සිදුකෙරෙන බවයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර‍ මහතා සදහන් කලේ සියලු ක්‍රීඩා සංගම් නිලවරණ ලබන වසර මුල පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් ක්‍රීඩා පනත ජාත්‍යන්තරයට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමද සිදු කෙරෙන බවයි ක්‍රීඩා අමාත්‍යංශය පවසන්නේ.

Read More

දස්කම් නැත්නම් ප්‍ර‍වීණයන් වුවද ඉවත්විය යුතු බව මාලිංග කියයි

දස්කම් නැත්නම් ප්‍ර‍වීණයන් වුවද ඉවත්විය යුතු බව මාලිංග කියයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන 20-20 තරගාවලියේ පළමු තරගය ලකුණු 30කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුනා. එළඹෙන  20-20 ලෝක කුසලානය වෙනුවෙන් හොද කණ්ඩායමක් තමා සතු බවයි 20-20 නායක ලසිත් මාලිංග සදහන් කලේ. නවක ක්‍රීඩකයන් කණ්ඩායමට ආදේශ කිරීමේ අරමුණ සහ ක්‍ර‍මවේදය ඔහු මෙහිදී පැහැදිලි කලා. දිනේෂ් චන්දිමාල් පිතිකරුවෙකු ලෙස උපරිම දස්කම් අතර සිටින බව මාලිංග කියා සිටියා. චන්දිමාල් පමණක් නොව ඇන්ජලෝ මැතිව්ස් හෝ තමා වුවද දස්කම් අතර නැත්නම් කණ්ඩායමෙන් ඉවත් විය යුතු බවයි…

Read More

ශ්‍රී ලංකා කොදෙව් දෙවන එක්දින තරගය සජීව තොරතුරු

ශ්‍රී ලංකා කොදෙව් දෙවන එක්දින තරගය සජීව තොරතුරු

3702 වන එක්දින අන්තර්ජාතික තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටිය ශ්‍රී ලංකාව 225/2 පන්දුවාර 36.3 – ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්. තරගයේ වීරයා කුසල් ජනිත් (ලකුණු 99, උඩපන්දු 1) 2-0ක් ලෙස තරගාවලි ජය 37 වන පන්දුවාරය – මාලන් සැමුවෙල්ස් 0 0 1 225/2 තිරිමාන්න 81 චන්දිමාල් 15 ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්.   36 වන පන්දුවාරය – ජොනතන් කාටර් 1wd 1 1 1wd 1 0 1 224/2 තිරිමාන්න 80 චන්දිමාල් 15 35 වන පන්දුවාරය – කාලෝස් බ්‍රැත්වෙයිට් 0 0 4 0 2 1…

Read More

ශ්‍රී ලංකා නවසීලන්ත තරගාවලිය දෙසැම්බරයේ

ශ්‍රී ලංකා නවසීලන්ත තරගාවලිය දෙසැම්බරයේ

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලබන දෙසැම්බරයේ නවසිලන්ත තරග සංචාරයකට එක්වනවා. මාස එකහමාරක සංචාරයේදී ටෙස්ට් තරග දෙකක් , එක්දින තරග පහක් සහ 20-20 තරග දෙකක් පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. දෙසැම්බර් 3 වනදා ඇරඹෙන තරගවාරය ජනවාරි 10වනදා අවසන් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍ර‍කාශ කලා. SRI LANKA TO NEW ZEALAND 2015-16 DECEMBER 2015 Thurs 03 – Sat 05                – Warm up match v President’s XI at Queenstown Events Centre, Queenstown Thurs 10 – Mon 14               – 1st Test at University Oval,…

Read More

මුරලි හාමනි කුසලානය ආනන්දයට

මුරලි හාමනි කුසලානය ආනන්දයට

මුරලි හාමනි 20-20 ක්‍රිකට් කුසලානය මෙවරත් හිමිකරගැනීමට කොළඹ ආනන්ද විදුහල සමත් වුනා. අනු ශුරතාව මෙවරත් හිමිකර ගත්තේ ගාල්ල රිච්මන්ඩ් විදුහල විසින්. අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ආනන්ද විදුහල් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9කට ලකුණු 137ක් රැස්කලා. රිච්මන්ඩ් විදුහල පන්දුවාර 18.3කදී සියල්ලන් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 113ක්. ඒ අනුව ලකුණු 24කින් තරගය ජයගැනීමට කොළඹ ආනන්ද විදුහල් කණ්ඩායම සමත් වුනා. කඩුලු 3ක් දවාගත් දිනුක ජයරත්නයි තරගයේ වීරයා බවට පත්වුනේ. කාන්තා ශූරතාව හිමිකරගත්තේ නිට්ටඹුව කාන්තා කණ්ඩායම…

Read More

රංගන සමුගැනීමට සැරසෙයි

රංගන සමුගැනීමට සැරසෙයි

එළඹෙන 20-20 ලෝක කුසලානයෙන් පසු තවදුරටත් ක්‍රීඩා කරන්නේද යන්න තීරණය කරන බව රංගන හේරත් ප්‍ර‍කාශ කලා. ලෝක කුසලානය අවසන් වන විට රංගනගේ වයස අවුරුදු 38ක්.  මුරලිගෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍ර‍ධාන දග පන්දු යවන්නා බවට පත්වුනේ රංගන හේරත්. එහෙත් වයසත් සමග තමා ආබාධවලට ලක්වීමේ වැඩි ඉඩක් පවතින බව ඔහු පවසනවා. දණහිස් ආබාධයකට ඔහු මේ වන විටත් ලක්වෙලා.  කණ්ඩායමට උපරිමය ලබාදීමට නොහැකි නම් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත යුතු බවයි රංගන පවසන්නේ.

Read More
1 2 3