ප්‍රංශයේ මොනෝකෝ සාම පාගමනට සහ සාමයේ ක්‍රීඩා සම්මේලනයට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගි වුනා. ප්‍රංශයේ ඇල්බට් කුමරු ඇතුලු ලොවපුරා රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ නියෝජිතවරු 600ක් පමණ මේ සදහා එක්ව සිටි බවයි ක්‍රීඩා අමාත්‍යංශය සදහන් කරන්නේ. ලොව පුරා ක්‍රීඩාව සහ සාමය රැක ගැනිමත් ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රීඩාව දියුණු කිරීමත් පිළිබදව මෙහිදි සාකච්ඡා කර තිබෙනවා.
Read Moreside fetured
ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස්ට නොකඩවා ජය
උතුරු ඇමරිකා පැසිපන්දු ජාතික තරගාවලියේ නොකඩවා ලබාගත් 16 වන ජය වාර්තා කිරීමට ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස් කණ්ඩායම ඊයේ සමත් වුනා. ඔවුන් ලොස් ඇන්ජලීස් ලේකර්ස් පිල පරාජය කලේ 111 ට 77ක් ලෙසින්. මෙම ජයත් සමග 1993-94 තරග වාරයේ හූස්ටන් රොකට්ස් සහ 1948-49 තරග වාරයේ වොෂින්ටන් කැපිටල්ස් තබා තිබූ ජයග්‍රණ වාර්තාව බිද දැමීමට ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස් පිල සමත් වුනා. ඔවුන්ගේ ඉලක්කය වී තිබෙන්නේ නොකඩවා ජයග්‍රණ 34ක් වාර්තා කිරීමයි. 1972 තරගවාරයේදී ලොස් ඇන්ජලීස් ලේකර්ස් පිල නොකඩවා තරග 33ක් ජය…
Read Moreකොමිලා , චිතගොං පරදවයි
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය කඩුලු 7කින් ජය ගැනිමට කොමිලා වික්ටෝරියන්ස් පිල සමත් වුනා. චිතගොං වයිකින්ග්ස් කණ්ඩායම සමගයි තරගය පැවැත්වුනේ. පළමුවෙන් පන්දුවට පහරදුන් චිතගොං පිල කඩුලු 4කට ලකුණු 176ක් රැස් කලා. ඇනමුල් හක් සහ සියාවුර් රහමන් ලකුණූ 39 බැගින් රැස් කලා. තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 36යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල කොමිලා පිල පන්දුවාර 18යි පන්දු 5කදී කඩුලු 3කට ලකුණු 177ක් ලබා ජය වාර්තා කලා. මාලන් සැමුවෙල්ස් නොදැවී ලකුණු 69යි. මෂ්රෆී මෝටසා ලකුණු 56ක් ලබාගත්තා….
Read Moreජොකොවිච් , ෆෙඩරර් අවසන් සටනට
ලෝක ටෙනිස් ශූරතාවලියේ අවසන් තරගය අද පැවැත්වෙනවා. සර්බියාවේ නොවැක් ජොකොවිච් සහ ස්විස් ක්‍රීඩක රොජර් ෆෙඩරර් අතරයි අවසන් තරගය පැවැත්වෙන්නේ. තරගය ඇරඹෙන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 11.30ට. ඊයේ පැවති අවසන් පූර්ව වටයේදී රෆායල් නඩාල් වට 2-0ක් ලෙස පරාජය කිරීමට ජොකොවිච් සමත් වුනා. ෆෙඩරර් අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ ස්ටැනිස්ලස් වව්රින්කා වට 2-0ක් ලෙස පරදවමින්. පසුගිය වසරේද අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ ජොකොවිච් සහ ෆෙඩරර්. ආබාධයක් හේතුවෙන් ෆෙඩරර්ට එවර තරගයෙන් ඉවත්වීමට සිදුවුනා. මෙවර තරගාවලියේ මූලික වටයේ තරගයකදී ජොකොවිච් පරාජය…
Read Moreක්‍රිකට් නිලවරණය ජනවාරි 03
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ජනවාරි 03 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය සදහන් කලා. ඒ සදහා මූලික කටයුතු සිදුකෙරෙන බවයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා සදහන් කලේ සියලු ක්‍රීඩා සංගම් නිලවරණ ලබන වසර මුල පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් ක්‍රීඩා පනත ජාත්‍යන්තරයට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමද සිදු කෙරෙන බවයි ක්‍රීඩා අමාත්‍යංශය පවසන්නේ.
Read Moreමදුරුවෙක් නිසා සැමුවෙල් බද්‍රිට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර 20-20 තරගාවලිය ලබන සදුදා ආරම්භ වන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී. කොදෙව් 20-20 සංචිතයට නම්කර තිබූ දකුණත් පාදග පන්දු යවන ක්‍රීඩක සැමුවෙල් බද්‍රී ඉන් ඉවත් කිරීමට කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කලා. ඒ ඔහුට ඩෙංගු උණ වැලදීම හේතුවෙන්. දේවේන්ද්‍ර බිෂෝ ඔහු වෙනුවට සංචිතයට ඇතුලත් කර තිබෙනවා. ඩැරන් සමී, ඩ්වේන් බ්‍රාවෝ සහ කිරන් පොලාඩ් 20-20 තරගාවලිය සදහා ශ්‍රී ලංකාවට පැමිනෙන ක්‍රීඩකයන්. ශ්‍රී ලංකා 20-20 සංචිතයත් ඊයේ නම් කෙරුණා. දිනේෂ් චන්දිමාල් යලිත්…
Read Moreනවසීලන්ත කෙල්ලන් ශ්‍රී ලංකාවට තලයි
නවසීලන්ත කාන්තා පිල හමුවේ දෙවන එක්දින තරගයේදීත් ශ්‍රී ලංකා පිලට පරාජය හිමිවුනා. කාසියේ වාසිය දිනූ නවසීලන්තය ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීමට ආරාධනා කලා. පන්දුවාර 46.5 කදී සියල්ලන් දැවී ශ්‍රී ලංකා කාන්තාවෝ රැස් කරගත්තේ ලකුණු 126 ක් පමණයි. ශ්‍රී ලංකා පිලේ ප්‍රවීණතම පිතිකාරියන් දෙදෙනා වන ශෂිකලා සිරිවර්ධන ලකුණු නොලබාත් චමරි අතපත්තු එක් ලකුණුකටත් දැවී ගියා. ඔවුන් කණ්ඩායමේ නායිකාව සහ උපනායිකාව වීමත් විශේෂත්වයක්. චමරි පොල්ගම්පල ලකුණු 35ක් සහ ඩිලානි මනෝදරා ලකුණු 31ක් වාර්තා කලා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල…
Read Moreශ්‍රී ලංකා නවසීලන්ත තරගාවලිය දෙසැම්බරයේ
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලබන දෙසැම්බරයේ නවසිලන්ත තරග සංචාරයකට එක්වනවා. මාස එකහමාරක සංචාරයේදී ටෙස්ට් තරග දෙකක් , එක්දින තරග පහක් සහ 20-20 තරග දෙකක් පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. දෙසැම්බර් 3 වනදා ඇරඹෙන තරගවාරය ජනවාරි 10වනදා අවසන් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කලා. SRI LANKA TO NEW ZEALAND 2015-16 DECEMBER 2015 Thurs 03 – Sat 05 – Warm up match v President’s XI at Queenstown Events Centre, Queenstown Thurs 10 – Mon 14 – 1st Test at University Oval,…
Read Moreශ්‍රී ලංකා කාන්තාවෝ නවසීලන්ත එ් පිලට පරදියි
නවසීලන්ත සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමු පුහුණු තරගයෙන් පරාජයට පත්වුනා. නවසිලන්ත ඒ කණ්ඩායම සමගයි තරගය පැවැත්වුනේ. කාසියේ වාසිය දිනා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 50දී කඩුලු 9කට ලකුණු 204ක් රැස් කලා. ඩිලානි මනෝදරා ලකුණු 41යි. චමරි අතපත්තු ලකුණු 35ක් ලබාගත්තා. නවසීලන්ත කාන්තා ඒ කණ්ඩායම කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සම්පූර්ණ කලේ 45 වන පන්දුවාරයේදී. සෑම් කර්ටිස් නොදැවී ලකුණු 93ක් ලබාගත්තා. නවසීලන්ත කාන්තා ඒ පිල තරගය ජයගත්තේ කඩුලු 6කින්. එක්දින…
Read Moreසභාපතිගේ පිලෙන් බිංදු දෙකක් සහ ශතක දෙකක්
බටහිර ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තුන්දින තරගයේදී කොදෙව් පිලට වඩා පළමු ඉනිමේ ලකුණු 24ක් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා සභාපතිගේ පිල සමත් වුනා. කොදෙව් පිල පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 209ක්. කාලෝස් බ්‍රැත්වෙයිට් ලකුණු 54ක් ලබාගත්තා. සුරාජ් රන්දිව් කඩුලු 5ක් බිද හෙලිමට සමත් වුනා. පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා සභාපතිගේ පිලේ පළමු කඩුලු දෙක පළමු පන්දු දෙකේදී දැවී ගියා. කුසල් මෙන්ඩිස් සහ ළහිරු තිරිමාන්න දැවී ගියේ ලකුණු නොලබා. ඉන් අනතුරුව මිනෝද භානුක සහ…
Read More