මැකලම් සමුගනිද්දී මිස්බා දෙගිඩියාවෙන්

මැකලම් සමුගනිද්දී මිස්බා දෙගිඩියාවෙන්

නවසිලන්තයේ මෙම තරගවාරය අවසානයේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නේදන් මැකලම් ප්‍ර‍කාශ කලා. තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන මැකලම් දැන් පසුවන්නේ 35 හැවිරිදි වියේ. සිය පවුලේ සාමාජිකයන් සමග වැඩි කාලයක් ගත කිරීමට  අවශ්‍ය බවයි මැකලම් පවසන්නේ. ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙක්. සමුගැනීමට සුදුසුම අවස්ථාව මෙය බව ඔහු නවසිලන්තයේ මෝනින් හෙරල්ඩ් පුවත්පතට ප්‍ර‍කාශ කලා. නවසින්තය වෙනුවෙන් එක්දින සහ 20-20 ජාතික කණ්ඩායම් නියෝජනය කල ඔහු අන්තර්ජාතික ලකුණු 1366ක් රැස් කර තිබෙනවා. දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 118ක්. නවසිලන්තයේ නව දගපන්දු…

Read More

හබේනාට වාර්තාව මග හැරෙයි

හබේනාට වාර්තාව මග හැරෙයි

රග්බි ලෝක කුසලාන තරගාවලියේ තුන්වන ස්ථානය සදහා පැවති තරගයෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුනා. ඔවුන් ආජන්ටිනා කණ්ඩායම පරාජය කලේ ලකුණූ 24 ට 13ක් ලෙසින්. තරගය පැවැත්වුනේ ලන්ඩනයේ ඔලිම්පික් පාක්හිදී. තරගයේ පළමු අර්ධයේදී 16 -0ක් ලෙස ඉදිරියෙන් සිටීමට දකුණු අප්‍රිකාව සමත් වුනා. දෙවන අර්ධය නිමාවන විට උත්සහක දිනුම් 2ක් ප්‍ර‍වර්තන ගෝලයක් සහ දඩුවම් පහර 4ක් මගින් ඔවුන් ලකුණු 24ක් රැස් කරගත්තා. උත්සහක දිනුමක්, ප්‍ර‍වර්තන ගෝලයක්, දඩුවම් පහරක් සහ ඩ්‍රොප් ගෝලයක් වාර්තා කල ආජන්ටිනාව රැස්කරගත් ලකුණු…

Read More

අබලන් තණතීරුව නිසා තරගය නවතී

අබලන් තණතීරුව නිසා තරගය නවතී

නවසීලන්ත කණ්ඩායමේ ඔස්ට්‍රේලියා සංචාරයේ තුන්දින පුහුණු තරගය අත්හැර දැමුණා. ඒ කීඩාංගණයේ තණතීරුව පළමු පෙල තරගයකට නුසුදුසු තත්වයක පැවතීම හේතුවෙන්. පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ පළමු කඩුල්ල බිද වැටුනේ ලකුණු 503දී. දෙවන දින දිවා ආහාරයට සුළු වේලාවකට පෙර රයන් කාටර්ස් ලකුණු 209කට දැවී ගියා. ඒරොන් ෆින්ච් නොදැවි ලකුණු 288යි. ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගුනු ලකුණු 503ක සබදතාව ඔස්ට්‍රේලියා පළමු පෙල ක්‍රිකට් වාර්තාවක් ලෙස සටහන් වුනා. පළමු කඩුල්ල බිද වැටීමෙන් පසු ඔස්ට්‍රේලියා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම…

Read More

සැමුවෙල්ස්ට යලිත් චෝදනා

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් යලිත් චෝදනා එල්ල වුනා. ඔහුගේ ක්ෂණික පන්දුවේදී පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී වන බවටයි චෝදනා එල්ල වී තිබෙන්නේ. ශ්‍රී ලංකාව සමග පසුගියදා පැවති ටෙස්ට් තරගයේදී මේ සම්බන්ධයෙන් වාර්තා වී තිබෙනවා. 2008 වසරේදීද ඔහුට පන්දු යැවිමේ ඉරියව්ව සම්බන්ධයෙන් චෝදනා එල්ල වුනා. ඉරියව්ව නිවැරදි කර ගැනීමෙන් පසුවයි ඔහුට යලිත් පන්දු යැවීමේ අවස්ථාව හිමි වුනේ. 2013 වසරේදී පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ඔහුට යලිත් චෝදනා එල්ල වී තිබෙනවා….

Read More

දෝනි අප්‍රිකාව පරදවයි

දෝනි අප්‍රිකාව පරදවයි

දකුණු අප්‍රිකාව සමග පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 22ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව  සමත් වුනා. තරගය පැවැත්වුනේ ඉන්ඩොරේහි හොල්කාර් ක්‍රීඩා පිටියේදී.  කාසියේ වාසිය දිනූ ඉන්දීය පිල පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කලා. පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ඔවුන් රැස්කල ලකුණු සංඛ්‍යාව 247ක්. අජින්ක්යා රහානේ ලකුණු 51යි. මැද පෙල ශක්තිමත් කල නායක මහේන්ද්‍ර‍සිං දෝනි ලකුණු 92ක් වාර්තා කලා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකා පිල පන්දුවාර 43.4කදී ලකුණු 225කට සීමා වුනා. අක්සාර් පටෙල් සහ බුවනේෂ්වර්…

Read More

චීන ටෙනිස් ජොකෝවිච්ට

චීන ටෙනිස් ජොකෝවිච්ට

චීන විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් සමත් වුනා. ඔහු අතින් වට 2-0ක් ලෙස පරාජයට පත්වුනේ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල්. 6-2ක් බැගින් වට දෙකේම ලකුණු සටහන් වුනා. කාන්තා ශූරතාවය හිමිකරගත්තේ ස්පාඤ්ඤයේ ගාබින් මුගුරුසා විසින්. ඇය අතින් වට 2-0ක් ලෙස පරාජයට පත්වුනේ ස්විස් ක්‍රීඩිකා ටිමියා බැක්සින්ස්කි. 7-5ක් සහ 6-4ක් ලෙසයි ලකුණු තත්වය සටහන් වුනේ.

Read More

මුරලි හාමනි කුසලානය ආනන්දයට

මුරලි හාමනි කුසලානය ආනන්දයට

මුරලි හාමනි 20-20 ක්‍රිකට් කුසලානය මෙවරත් හිමිකරගැනීමට කොළඹ ආනන්ද විදුහල සමත් වුනා. අනු ශුරතාව මෙවරත් හිමිකර ගත්තේ ගාල්ල රිච්මන්ඩ් විදුහල විසින්. අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ආනන්ද විදුහල් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9කට ලකුණු 137ක් රැස්කලා. රිච්මන්ඩ් විදුහල පන්දුවාර 18.3කදී සියල්ලන් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 113ක්. ඒ අනුව ලකුණු 24කින් තරගය ජයගැනීමට කොළඹ ආනන්ද විදුහල් කණ්ඩායම සමත් වුනා. කඩුලු 3ක් දවාගත් දිනුක ජයරත්නයි තරගයේ වීරයා බවට පත්වුනේ. කාන්තා ශූරතාව හිමිකරගත්තේ නිට්ටඹුව කාන්තා කණ්ඩායම…

Read More

ශ්‍රී ලංකා එ් පිලට නවසීලන්තයේදී බැට

ශ්‍රී ලංකා එ් පිලට නවසීලන්තයේදී බැට

ශ්‍රී ලංකා සහ නවසිලන්ත ඒ කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට  නවසීලන්තය සමත් වුනා. ඊයේ පැවති තුන්වන එක්දින තරගය ඔවුන් ජයගත්තේ ලකුණු 117කින්. පළමු වෙන් පන්දුවට පහරදුන් නවසින්ත ඒ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 302ක් රැස්කලා. විල් යංග් ලකුණු 85ක් ලබාගත්තා. ෂෙහාන් ජයසූරිය කඩුලු 3ක් දවාගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා ඒ පිල පන්දුවාර 40.5කදී ලකුණු 185කට සිමා වුනා. නිරෝෂන් දික්වැල්ල අර්ධ ශතකයක් වාර්තා කලා. තරග 4කින් යුත්…

Read More

රංගන සමුගැනීමට සැරසෙයි

රංගන සමුගැනීමට සැරසෙයි

එළඹෙන 20-20 ලෝක කුසලානයෙන් පසු තවදුරටත් ක්‍රීඩා කරන්නේද යන්න තීරණය කරන බව රංගන හේරත් ප්‍ර‍කාශ කලා. ලෝක කුසලානය අවසන් වන විට රංගනගේ වයස අවුරුදු 38ක්.  මුරලිගෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍ර‍ධාන දග පන්දු යවන්නා බවට පත්වුනේ රංගන හේරත්. එහෙත් වයසත් සමග තමා ආබාධවලට ලක්වීමේ වැඩි ඉඩක් පවතින බව ඔහු පවසනවා. දණහිස් ආබාධයකට ඔහු මේ වන විටත් ලක්වෙලා.  කණ්ඩායමට උපරිමය ලබාදීමට නොහැකි නම් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත යුතු බවයි රංගන පවසන්නේ.

Read More

සභාපතිගේ පිලෙන් බිංදු දෙකක් සහ ශතක දෙකක්

සභාපතිගේ පිලෙන් බිංදු දෙකක් සහ ශතක දෙකක්

බටහිර ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තුන්දින තරගයේදී කොදෙව් පිලට වඩා පළමු ඉනිමේ ලකුණු  24ක් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා සභාපතිගේ පිල සමත් වුනා. කොදෙව් පිල පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 209ක්. කාලෝස් බ්‍රැත්වෙයිට් ලකුණු 54ක් ලබාගත්තා. සුරාජ් රන්දිව් කඩුලු 5ක් බිද හෙලිමට සමත් වුනා. පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා සභාපතිගේ පිලේ පළමු කඩුලු දෙක පළමු පන්දු දෙකේදී දැවී ගියා. කුසල් මෙන්ඩිස් සහ ළහිරු තිරිමාන්න දැවී ගියේ ලකුණු නොලබා. ඉන් අනතුරුව මිනෝද භානුක සහ…

Read More
1 2 3