සොනී රන් පදක්කම ළමයෙක්ට දෙයි

නවසීලන්ත රග්බි ක්‍රීඩක සොනී බිල් විලියම්ස් සිය රග්බි රන් පදක්කම ඔහුගේ රසිකයෙකුට තෑගි කලා. නවසිලන්තය රග්බි ලෝක කුසලානය දිනා ගැනීමෙන් අනතුරුව තමාවෙත ආ 14 හැවිරිදි දරුවෙකුටයි ඔහු පදක්කම ලබා දුන්නේ. චාලි ලයින්ස් නම් වන දරුවා ආරක්ෂකයන් අතරින් රිංගා සොනී විලියම්ස් වෙතට දිව ආවේ තමන්ගේ සතුට ප්‍ර‍කාශ කිරීමට. වහා ක්‍රියාත්මක වූ ආරක්ෂකයන් චාලිව අල්ලා ගැනීමට උත්සාහ කරද්දී ඔහු සොනී ඉදිරියේ බිම ඇද වැටුනා. චාලිට නැවත නැගී සිටීමට සහාය වූ සොනී බිල් විලියම්ස් ප්‍රේක්ෂකාගාරය දෙසට ඇවිද ගියේ චාලි සමග සුහද කතාබහක නිරතවෙමින්. අවසානයේ සොනී බිල් විලියම්ස් තමාගේ රන් පදක්කම චාලි වෙත ලබාදුන්නා. චාලිව ඔහුගේ මව වෙත භාර කල සොනී මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ චාලිට මෙම දිනය කිසිදින අමතක නොවනු ඇති බවයි. තමාගේ ගෙට වඩා චාලිගේ ගෙලට රන් පදක්කම සුදුසු බව ඔහු සදහන් කලා.

Leave a Comment