ළමයෙකුට දුන් පදක්කම වෙනුවට සොනීට පදක්කමක්

නවසීලන්ත ක්‍රීඩක සොනී බිල් විලියම්ස්ට යලිත් රන් පදක්කමක් ලබාදීමට අන්තර්ජාතික රග්බි සංගමය කටයුතු කලා. ඒ ඊයේ පැවති ලෝක රග්බි සම්මාන උළෙලේදී. අවසන් තරගය ජය ගැනීමෙන් පසු සොනී සිය පදක්කම 14 හැවිරිදි චාලි ලයින් ට ලබාදුන්නා. ඒ චාලි ආරක්ෂක භටයන් මගහරිමින් නවසිලන්ත කණ්ඩායමට සුබපැතීම සදහා පිටියට පැමිණි අවස්ථාවේදී. මෙහිදී සොනී දැක්වූ පරිත්‍යාගශීලී බව අගය කරමින් අන්තර්ජාතික රග්බි සංගමය ඔහු වෙත තවත් රන් පදක්කමක් ලබාදුන්නා.
ලන්ඩන්හි පැවති සම්මාන උළෙලේදී වසරේ රග්බි ක්‍රීඩකයා සම්මානය හිමි කරගත්තේ නවසීලන්තයේ ඩැනියෙල් කාටර්. කාටර් ලෝක කුසලාන ජයග්‍ර‍ණයෙන් පසු අන්තර්ජාතික රග්බි පිටියෙන් සමුගැනීම ප්‍ර‍කාශයට පත්කලා. තරග 112කදී ලකුණු 1598ක් රැස් කර ඇති කාටර් ලොව වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා ලෙසයි වාර්තා අතරට එක්වුනේ.
වසරේ පුහුණුකරුවා ලෙස ඔස්ට්‍රේලියා පුහුණුකරු මයිකල් ෂෙයිකා සම්මාන ලබාගත්තා. වසරේ රග්බි කණ්ඩායම සම්මානය හිමිවුනේ නවසීලන්තයට.

 

Leave a Comment