නවසීලන්ත කාන්තා පිල හමුවේ දෙවන එක්දින තරගයේදීත් ශ්‍රී ලංකා පිලට පරාජය හිමිවුනා. කාසියේ වාසිය දිනූ නවසීලන්තය ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීමට ආරාධනා කලා. පන්දුවාර 46.5 කදී සියල්ලන් දැවී ශ්‍රී ලංකා කාන්තාවෝ රැස් කරගත්තේ ලකුණු 126 ක් පමණයි. ශ්‍රී ලංකා පිලේ ප්‍රවීණතම පිතිකාරියන් දෙදෙනා වන ශෂිකලා සිරිවර්ධන ලකුණු නොලබාත් චමරි අතපත්තු එක් ලකුණුකටත් දැවී ගියා. ඔවුන් කණ්ඩායමේ නායිකාව සහ උපනායිකාව වීමත් විශේෂත්වයක්. චමරි පොල්ගම්පල ලකුණු 35ක් සහ ඩිලානි මනෝදරා ලකුණු 31ක් වාර්තා කලා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල නවසීලන්තය පන්දුවාර 14.3කදී කිසිවෙකු නොදැවී ජයග්‍රාහී ඉලක්කය සම්පූර්ණ කලා. නවසීලන්තය කණ්ඩායමයි තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ. දෙරට අතර තුන්වන තරගය සෙනසුරාදා පැවැත්වෙනවා.
නවසීලන්ත කෙල්ලන් ශ්‍රී ලංකාවට තලයි
