මදුරුවෙක් නිසා සැමුවෙල් බද්‍රිට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර 20-20 තරගාවලිය ලබන සදුදා ආරම්භ වන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී. කොදෙව් 20-20 සංචිතයට නම්කර තිබූ දකුණත් පාදග පන්දු යවන ක්‍රීඩක සැමුවෙල් බද්‍රී ඉන් ඉවත් කිරීමට කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කලා. ඒ ඔහුට ඩෙංගු උණ වැලදීම හේතුවෙන්. දේවේන්ද්‍ර‍ බිෂෝ ඔහු වෙනුවට සංචිතයට ඇතුලත් කර තිබෙනවා. ඩැරන් සමී, ඩ්වේන් බ්‍රාවෝ සහ කිරන් පොලාඩ් 20-20 තරගාවලිය සදහා ශ්‍රී ලංකාවට පැමිනෙන ක්‍රීඩකයන්.

ශ්‍රී ලංකා 20-20 සංචිතයත් ඊයේ නම් කෙරුණා. දිනේෂ්  චන්දිමාල් යලිත් 20-20 සංචිතයට එක්කර තිබෙනවා. තිලකරත්න ඩිල්ෂාන් , ඇන්ජලෝ මැතිව්ස්  සහ 20-20  නායක ලසිත් මාලිංගයි සෙසු ප්‍ර‍වීණයන් ලෙස සංචිතයට එක්ව සිටින්නේ. තිසර පෙරේරා, චාමර කපුගෙදර සහ නුවන් කුලසේකරද සංචිතයට කැදවා තිබෙනවා. ෂෙහාන් ජයසූරිය,මිලින්ද සිරිවර්ධන සහ කිතුරුවන් විතානගේ ද සංචිතයට කම් කෙරුණා. ජෙෆ්රි වැබ්ඩර්සී සහ සචිත්‍ර‍සේනානායකයි දග පන්දු යවන්නන් ලෙස සංචිතයට නම්කර තිබෙන්නේ. දුෂ්මන්ත චමීර සහ බිනුර ප්‍ර‍නාන්දු  සංචිතයට එක්වන්නේ වේග පන්දු යවන්නන් ලෙසින්.

ශ්‍රී ලංකාව සහ කොදෙව් පිල අතර අවසන් එක්දින තරගය හෙට දිවාරාත්‍රි තරගයක් ලෙස පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා.

Leave a Comment