ඩිල්ෂාන්ගෙන් ඩිල්ෂාන්ට දැඩි ප්‍ර‍හාරයක්

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ සයිලට් සුපර් ස්ටර්ස් සමග තරගය ජයගැනීමට චිතගොං වයිකිංස් පිල සමත් වුනා. පළමුවෙන් පන්දුවට පහරදුන් චිතගොං පිල පන්දුවාර 20දී කඩුලු 5කට ලකුණු 180ක් රැස් කලා. තමීම් ඉක්බාල් ලකුණු 69යි. යසීර් අලි රැස් කල ලකුණු සංඛ්‍යාව 63ක්. ජීවන් මෙන්ඩිස් ලකුණු 20ක් රැස් කලා. තිලකරත්න ඩිල්ෂාන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල සයිලට් පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 179ක්. එක් ලකුණක තියුණු ජයක් චිතගොං පිල හිමිකරගත්තා. සයිලට් පිල වෙනුවෙන් ආරම්භක පිතිකරු ඩිල්ෂාන් මුණවීර ලකුණු 64ක් රැස් කලේ පන්දු 30කින්. තිලකරත්න ඩිල්ෂාන් ක්‍රියාත්මක කල දෙවන පන්දුවාරයට ඔහු 4 පහර 6ක් එල්ල කලා. මුෂ්ෆිකර් රහීම් ලකුණු 50යි. කඩුලු 3ක් දවාගත් ෂෆියුල් ඉස්ලාම් තරගයේ වීරයා බවට පත්වුනා. රන්ග්පුර් රයිඩර්ස් සහ බාරිසල් බුල්ස් අතර තරගය මේ වන විට ඩකාහි පැවැත්වෙනවා.

Leave a Comment