රෝස පන්දුවට කෝලිගේ සහාය

දිවාරාත්‍රී ටෙස්ට් තරග පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දීය ටෙස්ට් නායක විරාත් කෝලි සිය ප්‍ර‍සාදය පලකරනවා. රෝස පන්දුවෙන් ක්‍රීඩා කරන ලොව පළමු දිවාරාත්‍රී ටෙස්ට් තරගය ලබන සිකුරාදා ඇරඹෙන්නේ නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර. ඇතැම් ක්‍රීඩකයන් රෝස පන්දුවට සිය අප්‍ර‍සාදය පල කර තිබුණා. කෙසේ වෙතත් කෝලි පවසන්නේ මෙය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සංධිස්ථානයක් බවයි. දිවා රාත්‍රී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමට තමාද කැමැත්තෙන් පසුවන බව ඔහු සදහන් කලා.

Leave a Comment