41 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා සහ පිරිමි අවසන් තරග දෙකම ජයගනිමින් සමස්ත හොකී ශූරතා මධ්‍යම පළාත හිමිකරගත්තා. සමස්ත අනුශූරතව හිමිවුනේ බස්නාහිර පළාතට. පිරිමි ලෝකඩ පදක්කම වයඹ පළාතත් කාන්තා ලෝකඩ පදක්කම දකුණු පළාතත් හිමිකරගත්තා. තරගාවලිය පැවැත්වුනේ කොළඹ රීඩ් මාවතේ කෘතිම හොකී පිටියේදී.
—
41 වන ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා බස්නාහිර පළාත හිමිකරගත්තා. අවසන් තරගය පැවැත්වුනේ වයඹ පළාත් කණ්ඩායමත් සමගින්. තරගාවලියේ තුන්වන ස්ථානය දිනාගත්තේ සබරගමුව කණ්ඩායම. කාන්තා අවසන් තරගය බස්නාහිර සහ දකුණු පළාත් අතර පැවැත්වුනා. තරගාවලියේ තුන්වන ස්ථානය හිමිකරගත්තේ වයඹ පළාත් කණ්ඩායම. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වුනේ බස්නාහිර පළාතේ ලසන්ක ප්‍රදීප් කුමාර. බස්නාහිර පළාතේ නිරංජලී ගුණසිංහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන හිමිකරගත්තා. ත්‍රිකුණාමල වෙරළ තීරයේදී තරග පැවැත්වුනේ
—