එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන මුරලි හාමනි එකමුතු කණ්ඩායමේ නායකත්වය කොළඹ ආනන්ද විදුහලේ නිපුන් හග්ගලට හිමිව තිබෙනවා. කේපී 24 පදනමේ ආරාධනයකට අනුවයි ඔවුන් මෙම දින 10ක සංචාරයට එක්වන්නේ. එංගන්ත සුපිරි පිතිකරු කෙවින් පීටර්සන් විසින් ක්‍රියාත්මක කරන කේපී 24 පදනමේ අරමුණ වී තිබෙන්නේ ලොව පුරා ක්‍රිකට් ව්‍යප්ත කිරීම. මුරලි හාමනි කුසලානයේදී හදුනාගත් දක්ෂතම ක්‍රීඩකයන් 12 දෙනෙක් සංචිතයට නම් කර තිබෙනවා. දින 7ක පුහුණු වැඩමුළුවක් සහ දින 3ක 20-20 තරගාවලියක් මෙහිදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. රටවල් 7ක කණ්ඩායම් මේ සදහා සහභාගි වනවා.