දිවා රාත්‍රි ටෙස්ට් තරගවල පළමු අර්ධ ශතකය වාර්තා කිරීමට නවසිලන්තයේ ටොම් ලැතම් සමත් වුනා. පළමු දිවා රාත්‍රි ටෙස්ට් තරගය අද ආරම්භ වුනේ ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩා පිටියේදී. ලොව පළමු දිවා රාත්‍රී එක්දින තරගය පැවැත්වුනේද නොවැම්බර් 27වනදාවක වීම විශේෂත්වයක්. අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල සියල්ලන් දැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 202ක්. රෝස පැහැති පන්දුවෙන් පළමු අන්තර්ජාතික ටෙස්ට් පන්දුව මිචෙල් ස්ටාක් විසින් මාටින් ගප්ටිල් වෙත යොමුකලා. දිවා රාත්‍රි ටෙස්ට් තරග ඉතිහාසයේ පළමු කඩුල්ල ලෙස මාටින් ගප්ටිල් දැවීගියේ ජොෂ් හැස්ල්වුඩ්ගේ පන්දුවක් හමුවේ. ටොම් ලැතම් ලකුණු 50ක් ලබාගත්තා. මිචෙල් ස්ටාක් සහ හැස්ල්වුඩ් කඩුලු තුන බැගින් දවාගැනීමට සමත් වුනා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියාව පළමු දිනය නිමාවෙද්දී කඩුලු 2ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 54ක්. ස්ටීවන් ස්මිත් සහ ඇඩම් වෝජස් නොදැවී පන්දුවට පහරදෙනවා. ඔස්ට්‍රේලියා ක්‍රීඩක ෆිල් හියුස් මියගොස් වසරක් සපිරෙන්නේ අද දිනයට. හියුස් සමරමින් ක්‍රීඩා ලෝලීන් දැන්වීම් පුවරු ප්‍රර්ශනය කල ආකාරය ඇඩිලේඩ් ඕවල් පිටියේ දැකගත හැකිවුනා.