නවකයන් සමග මැතිව්ස් නවසීලන්තයට

නවසීලන්ත ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වන   ශ්‍රී ලංකා පිල ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා. අලුයම 1.10ට දිවයිනෙන් බැහැර වුනේ  SQ 469 ගුවන් යානයෙන්. තරගාවලිය සදහා වන සූදානම පිළිබද නායක මැතිව්ස් මෙලෙස ලක්හඩට ප්‍ර‍කාශ කලා.

ශ්‍රී ලංකාව අවසන් වරට නවසිලන්තයේදී ටෙස්ට් තරගාවලියක් ජයගෙන ඇත්තේ 1994 වසරේදී . මෙම වාර්තා කණ්ඩායමට පීඩනයක් බවට පත්ව ඇත්ද යන්න අප විමසා සිටියා.

නවසීලන්ත දේශගුණය කණ්ඩායමේ දස්කම්වලට බලපෑමක් වනු ඇතිබවයි මැතිව්ස් සදහන් කලේ.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ පළපුරුදු ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා සහ අංක තුන පිතිකරු ළහිරු තිරිමාන්න මෙම සංචිතයෙන් ඉවත්කර තිබෙනවා. ඒ පිළිබදව මැතිව්ස් පළ කලේ මෙවන් අදහසක්

 ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු පුහුණු තරගය දෙසැම්බර් තුන් වනදා ඇරඹෙනවා. ටෙස්ට් තරග හා 20-20 තරග දෙක බැගින්ද එක්දින තරග 5කින්ද යුත් තරගාවලියකටයි ශ්‍රී ලංකා පිල සහභාගි වී සිටින්නේ. වීඩියෝ දර්ශන නැරඹීම සදහා පිවිසෙන්න අපගේ නිල Facebook පිටුවට https://www.facebook.com/kelibimalk

Leave a Comment