ලෝක බොක්සිං හෙවිවේට් ශූරතාව බ්‍රිතාන්‍යයේ ටයිසන් ෆූරි හිමිකරගත්තා. ඒ ලෝක ශූර ව්ලැඩ්මීර් ක්ලිච්ෂ්කෝ පරදවමින්. වසර 9ක් ලෝක ශූරතාව හිමිකරගෙන සිටි ව්ලැඩ්මීර් පරාජයට පත්වුනේ වට 3-0ක් ලෙසින්. 115 ට 112ක් බැගින් පළමු වට දෙකේදී ටයිසන් ජයගත්තා. තුන්වන වටය ඔහු ජයගත්තේ ලකුණු 116-111ක් ලෙසින්. බ්‍රිතාන්‍යයේ එස්පිරිට් ඇරීනාහිදී තරගය පැවැත්වුනා.