මනෝහර් ක‍්‍රිකට් ලෝක මුල් පුටුවට

හිටපු ඉන්දීය ක‍්‍රිකට් සභාපති ෂාසන්ක් මනෝහර් මහතා ජාත්‍යාන්තර ක‍්‍රීකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස තේරී පත් වුනා. ඒ අනුව ජාත්‍යාන්තර ක‍්‍රීකට් කවුන්සිලයට තේරී පත් වූ පලමු ස්වාධින සභාපතිවරයා වන්නේ ඔහුයි. මීට දින 3 කට පෙර ඔහු ඉන්දීය ක‍්‍රිකට් සභාපති තණතුරෙන් ඉල්ලා අස් වුනා. ජාත්‍යාන්තර ක‍්‍රීකට් කවුන්සිල සභාපති ධුරය විනිවිධ භාවයෙන් යුතුව පවත්වාගෙන යාම තම අරමුණ බවයි මනෝහර් මහතා සඳහන් කලේ. ඔහුගේ නිල කාලය වසර 2 ක්.

Leave a Comment