ඔස්ටේ‍්‍රලියාව ගැන කුසල් කිව්ව කථාව

දිගු වේලාවක් කඩුල්ලේ රැඳී සිටිමින් කණ්ඩායමට විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා දීම තම අරමුණ බව කුසල් මෙන්ඩිස් ප‍්‍රකාශ කලා. ශ‍්‍රී ලංකා ඔස්ටේ‍්‍රලියා පලමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ 3 වන දිනය අවසන් වීමෙන් පසුව පැවති ප‍්‍රවෘත්ති සාකච්ජාවේදීයි ඔහු මේ බව සඳහන් කලේ. අද (29) සහ හෙට (30) දිනය තුළ තණතීරුව දග පන්දු යවන්නන්ට වාසිදායක වනු ඇති බව කුසල් සඳහන් කලා. විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගනිමින් පන්දු යවන්නන්ට සහයෝගය ලබා දීම තම අරමුණ බවයි ඔහු එහිදී ප‍්‍රකාශ කලේ. ලකුණු 250 ක හෝ 300 ක ඉලක්කයක් ඔස්ටේ‍්‍රලියාවට ලබා දීම මගින් පීඩනයක් ඇති කල හැකි බව කුසල් මෙන්ඩිස් මෙම ප‍්‍රවෘත්ති සාකච්ජාවේදී සඳහන් කලා.

Leave a Comment