ලෝක කුසලාන රග්බි තරගාවලියේ තුන්වන තරගයත් ජය ගැනීමට නවසීලන්තය සමත් වුනා. ඒ 43-10ක් ලෙස ජෝජියාව පරාජය කරමින්. පමු අර්ධය අවසානයේ ලකුණු තත්වය 22-10ක් සෙ සටහන් වුනා. දෙවන අර්ධයේ නවසිලන්තය ලකුණු 21ක් රැස් කලත් ජෝජියවට ලකුණු ලබා ගැනිමට හැකිවුනේ නැහැ. උත්සාහක දිනුම් 7ක් සහ පරිවර්තන ගෝල 4ක් මගින් නවසිලන්තය ලකුණු රැස් කලා. ජෝජියාව උත්සහක දිනුමක් , පරිවර්තන ගෝලයක් සහ දඩුවම් පහරක් සාර්ථක කරගත්තා. මෙම ජයග්‍රහණයත් සමග නවසීලන්තය ලෝක කුසලාන රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. තරගාවලියේ තරග තුනක් අදත් පැවැත්වෙනවා. සැමෝවා සහ ජපාන තරගයත් දකුණු අප්‍රිකාව සහ ස්කොට්ලන්ත තරගයත් පැවැත්වෙන්නේ වදින්නේ බී කාණ්ඩය යටතේ. එංගලන්ත ඔස්ට්‍රේලියා තරගය ඒ කාණ්ඩය යටතේ පැවැත්වෙනවා.