පාකිස්තාන හිටපු පිතිකරු ඉන්සමාම් උල්හක් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පිලේ නව පුහුණුකරු ලෙස තෝරා ගැනුනා. ඇෆ්ගන් පිලට එක්වූ තුන්වන පාකිස්තාන පුහුණුකරුවා වන්නේ ඉන්සමාම්. ඇෆ්ගන් කණ්ඩායම ඔක්තෝබර් 16 වනදා සිට සිම්බාබ්වේ සංචාරයකට එක්වනවා. 45 හැවිරිදි ඉන්සමාම් හරාරේ හිදී ඇෆ්ගන් පිල සමග එක්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. එක්දින තරග 5ක් සහ 20-20 තරග 2ක් තරගාවලියට ඇතුලත්.වඩාත් ආක්‍රමණශීලී අර්ධ සාමාජික රට ඇෆ්ගනිස්තානය බවයි ඉන්සමාම් පවසන්නේ. ඔහු පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් ලකුණු 8830ක් සහ එක්දින ලකුණු 11,739ක් රැස්කල පිතිකරුවෙක්.
Read More