මනෝහර් ක‍්‍රිකට් ලෝක මුල් පුටුවට

මනෝහර් ක‍්‍රිකට් ලෝක මුල් පුටුවට

හිටපු ඉන්දීය ක‍්‍රිකට් සභාපති ෂාසන්ක් මනෝහර් මහතා ජාත්‍යාන්තර ක‍්‍රීකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස තේරී පත් වුනා. ඒ අනුව ජාත්‍යාන්තර ක‍්‍රීකට් කවුන්සිලයට තේරී පත් වූ පලමු ස්වාධින සභාපතිවරයා වන්නේ ඔහුයි. මීට දින 3 කට පෙර ඔහු ඉන්දීය ක‍්‍රිකට් සභාපති තණතුරෙන් ඉල්ලා අස් වුනා. ජාත්‍යාන්තර ක‍්‍රීකට් කවුන්සිල සභාපති ධුරය විනිවිධ භාවයෙන් යුතුව පවත්වාගෙන යාම තම අරමුණ බවයි මනෝහර් මහතා සඳහන් කලේ. ඔහුගේ නිල කාලය වසර 2 ක්.

Read More

වසර 9ක බොක්සිං කිරුළ ක්ලිච්ෂ්කෝට අහිමි වෙයි

වසර 9ක බොක්සිං කිරුළ ක්ලිච්ෂ්කෝට අහිමි වෙයි

ලෝක බොක්සිං හෙවිවේට් ශූරතාව බ්‍රිතාන්‍යයේ ටයිසන් ෆූරි හිමිකරගත්තා. ඒ ලෝක ශූර ව්ලැඩ්මීර් ක්ලිච්ෂ්කෝ පරදවමින්. වසර 9ක් ලෝක ශූරතාව හිමිකරගෙන සිටි ව්ලැඩ්මීර් පරාජයට පත්වුනේ වට 3-0ක් ලෙසින්. 115 ට 112ක් බැගින් පළමු වට දෙකේදී ටයිසන් ජයගත්තා. තුන්වන වටය ඔහු ජයගත්තේ ලකුණු 116-111ක් ලෙසින්. බ්‍රිතාන්‍යයේ එස්පිරිට් ඇරීනාහිදී තරගය පැවැත්වුනා.

Read More

හියුස් සමුගෙන වසරක් සපිරෙන දිනයේ පළමු දිවා රාත්‍රි ටෙස්ට් තරගය ඇරඹෙයි

හියුස් සමුගෙන වසරක් සපිරෙන දිනයේ පළමු දිවා රාත්‍රි ටෙස්ට් තරගය ඇරඹෙයි

දිවා රාත්‍රි ටෙස්ට් තරගවල පළමු අර්ධ ශතකය වාර්තා කිරීමට නවසිලන්තයේ ටොම් ලැතම් සමත් වුනා. පළමු දිවා රාත්‍රි ටෙස්ට් තරගය අද ආරම්භ වුනේ ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩා පිටියේදී. ලොව පළමු දිවා රාත්‍රී එක්දින තරගය පැවැත්වුනේද නොවැම්බර් 27වනදාවක වීම විශේෂත්වයක්. අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල සියල්ලන් දැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 202ක්. රෝස පැහැති පන්දුවෙන් පළමු අන්තර්ජාතික ටෙස්ට් පන්දුව මිචෙල් ස්ටාක් විසින් මාටින් ගප්ටිල් වෙත යොමුකලා. දිවා රාත්‍රි ටෙස්ට් තරග ඉතිහාසයේ පළමු කඩුල්ල ලෙස මාටින් ගප්ටිල් දැවීගියේ…

Read More

ලෝකය දිනූ ඩිලන්ත ලංකාවට

ලෝකය දිනූ ඩිලන්ත ලංකාවට

ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆි ෆ්ලෝරීඩා 2015 නියෝජනය කල ඩිලන්ත මාලගමුව ක්‍රීඩකයා ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10 වන ස්ථානය හා ආසියානු ශූරතාවයේ 02 වැනි ස්ථානය ලබා ගැනීමට සමත් වුනා. ඉහත තරගාවලියට සහභාගී වෙමින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ලබා දුන් ඩිලන්ත මාලගමුව ක්‍රීඩකයා 2015.11.27 (හෙට) පෙරවරු 8.30 ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

Read More

ක්‍රීඩා ඇමති ප්‍ර‍ංශයට

ක්‍රීඩා ඇමති ප්‍ර‍ංශයට

ප්‍රංශයේ මොනෝකෝ සාම පාගමනට සහ සාමයේ ක්‍රීඩා සම්මේලනයට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගි වුනා. ප්‍රංශයේ ඇල්බට් කුමරු ඇතුලු ලොවපුරා රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ නියෝජිතවරු 600ක් පමණ මේ සදහා එක්ව සිටි බවයි ක්‍රීඩා අමාත්‍යංශය සදහන් කරන්නේ. ලොව පුරා ක්‍රීඩාව සහ සාමය රැක ගැනිමත් ප්‍ර‍තිපත්තිමය වශයෙන් ක්‍රීඩාව දියුණු කිරීමත් පිළිබදව මෙහිදි සාකච්ඡා කර තිබෙනවා.

Read More

ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස්ට නොකඩවා ජය

ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස්ට නොකඩවා ජය

උතුරු ඇමරිකා පැසිපන්දු ජාතික තරගාවලියේ නොකඩවා ලබාගත් 16 වන ජය වාර්තා කිරීමට ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස් කණ්ඩායම ඊයේ සමත් වුනා. ඔවුන් ලොස් ඇන්ජලීස් ලේකර්ස් පිල පරාජය කලේ 111 ට 77ක් ලෙසින්. මෙම ජයත් සමග 1993-94 තරග වාරයේ හූස්ටන් රොකට්ස් සහ 1948-49 තරග වාරයේ වොෂින්ටන් කැපිටල්ස් තබා තිබූ ජයග්‍ර‍ණ වාර්තාව බිද දැමීමට ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස් පිල සමත් වුනා. ඔවුන්ගේ ඉලක්කය වී තිබෙන්නේ නොකඩවා ජයග්‍ර‍ණ 34ක් වාර්තා කිරීමයි. 1972 තරගවාරයේදී ලොස් ඇන්ජලීස් ලේකර්ස් පිල නොකඩවා තරග 33ක් ජය…

Read More

‍මුරලි හාමනි එකමුතු කණ්ඩායම නිපුන්ට

‍මුරලි හාමනි එකමුතු කණ්ඩායම නිපුන්ට

එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන මුරලි හාමනි එකමුතු කණ්ඩායමේ නායකත්වය කොළඹ ආනන්ද විදුහලේ නිපුන් හග්ගලට හිමිව තිබෙනවා. කේපී 24 පදනමේ ආරාධනයකට අනුවයි ඔවුන් මෙම දින 10ක සංචාරයට එක්වන්නේ. එංගන්ත සුපිරි පිතිකරු කෙවින් පීටර්සන් විසින් ක්‍රියාත්මක කරන කේපී 24 පදනමේ අරමුණ වී තිබෙන්නේ ලොව පුරා ක්‍රිකට් ව්‍යප්ත කිරීම. මුරලි හාමනි කුසලානයේදී හදුනාගත් දක්ෂතම ක්‍රීඩකයන් 12 දෙනෙක් සංචිතයට නම් කර තිබෙනවා. දින 7ක පුහුණු වැඩමුළුවක් සහ දින 3ක 20-20 තරගාවලියක් මෙහිදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ….

Read More

කොමිලා , චිතගොං පරදවයි

කොමිලා , චිතගොං පරදවයි

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය කඩුලු 7කින් ජය ගැනිමට කොමිලා වික්ටෝරියන්ස් පිල සමත් වුනා. චිතගොං වයිකින්ග්ස් කණ්ඩායම සමගයි තරගය පැවැත්වුනේ. පළමුවෙන් පන්දුවට පහරදුන් චිතගොං පිල කඩුලු 4කට ලකුණු 176ක් රැස් කලා. ඇනමුල් හක් සහ සියාවුර් රහමන් ලකුණූ 39 බැගින් රැස් කලා. තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 36යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල කොමිලා පිල පන්දුවාර 18යි පන්දු 5කදී කඩුලු 3කට ලකුණු 177ක් ලබා ජය වාර්තා කලා. මාලන් සැමුවෙල්ස් නොදැවී ලකුණු 69යි. මෂ්රෆී මෝටසා ලකුණු 56ක් ලබාගත්තා….

Read More

රෝස පන්දුවට කෝලිගේ සහාය

රෝස පන්දුවට කෝලිගේ සහාය

දිවාරාත්‍රී ටෙස්ට් තරග පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දීය ටෙස්ට් නායක විරාත් කෝලි සිය ප්‍ර‍සාදය පලකරනවා. රෝස පන්දුවෙන් ක්‍රීඩා කරන ලොව පළමු දිවාරාත්‍රී ටෙස්ට් තරගය ලබන සිකුරාදා ඇරඹෙන්නේ නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර. ඇතැම් ක්‍රීඩකයන් රෝස පන්දුවට සිය අප්‍ර‍සාදය පල කර තිබුණා. කෙසේ වෙතත් කෝලි පවසන්නේ මෙය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සංධිස්ථානයක් බවයි. දිවා රාත්‍රී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමට තමාද කැමැත්තෙන් පසුවන බව ඔහු සදහන් කලා.

Read More

ඩිල්ෂාන්ගෙන් ඩිල්ෂාන්ට දැඩි ප්‍ර‍හාරයක්

ඩිල්ෂාන්ගෙන් ඩිල්ෂාන්ට දැඩි ප්‍ර‍හාරයක්

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ සයිලට් සුපර් ස්ටර්ස් සමග තරගය ජයගැනීමට චිතගොං වයිකිංස් පිල සමත් වුනා. පළමුවෙන් පන්දුවට පහරදුන් චිතගොං පිල පන්දුවාර 20දී කඩුලු 5කට ලකුණු 180ක් රැස් කලා. තමීම් ඉක්බාල් ලකුණු 69යි. යසීර් අලි රැස් කල ලකුණු සංඛ්‍යාව 63ක්. ජීවන් මෙන්ඩිස් ලකුණු 20ක් රැස් කලා. තිලකරත්න ඩිල්ෂාන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල සයිලට් පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 179ක්. එක් ලකුණක තියුණු ජයක් චිතගොං පිල…

Read More
1 2 3 4