කොමිලා , චිතගොං පරදවයි

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය කඩුලු 7කින් ජය ගැනිමට කොමිලා වික්ටෝරියන්ස් පිල සමත් වුනා. චිතගොං වයිකින්ග්ස් කණ්ඩායම සමගයි තරගය පැවැත්වුනේ. පළමුවෙන් පන්දුවට පහරදුන් චිතගොං පිල කඩුලු 4කට ලකුණු 176ක් රැස් කලා. ඇනමුල් හක් සහ සියාවුර් රහමන් ලකුණූ 39 බැගින් රැස් කලා. තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 36යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල කොමිලා පිල පන්දුවාර 18යි පන්දු 5කදී කඩුලු 3කට ලකුණු 177ක් ලබා ජය වාර්තා කලා. මාලන් සැමුවෙල්ස් නොදැවී ලකුණු 69යි. මෂ්රෆී මෝටසා ලකුණු 56ක් ලබාගත්තා. මෝටසා තරගයේ වීරයා ලෙස නම් කෙරුණා.

Leave a Comment