බටහිර ඉන්දිය කොදෙව් ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ෆිල් සිමන්ස් ශ්‍රී ලංකා සංචාරයට එක්කල යුතු බව හිටපු කොදෙව් ක්‍රිකට් සභාපති කෙන් ගෝඩන් ප්‍රකාශ කලා. සිමන්ස්ගේ පුහුණුකාරිත්වය යටතේ කොදෙව් කණ්ඩායම සාධනීය මට්ටමකට ලගාවූ බවයි ඔහු පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා සංචාරයට තෝරාගත් කොදෙව් කණ්ඩායම සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවන බව සිමන්ස් මාධ්‍ය වෙත ප්‍රකාශ කලා. මේ හේතුවෙන් ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවිමටයි කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කලේ. මේ සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීමේ අවස්ථාවද සිමන්ස්ට ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරයේදී කොදෙව් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ සහය පුහුණුකරු ධුරය දරන කර්ට්නි ඇම්බ්‍රෝස්.
ශ්‍රී ලංකා සංචාරයට සිමන්ස් අවශ්‍ය බවට මතයක්
