රග්බි ලෝක කුසලාන තරගාවලියේ තුන්වන ස්ථානය සදහා පැවති තරගයෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුනා. ඔවුන් ආජන්ටිනා කණ්ඩායම පරාජය කලේ ලකුණූ 24 ට 13ක් ලෙසින්. තරගය පැවැත්වුනේ ලන්ඩනයේ ඔලිම්පික් පාක්හිදී. තරගයේ පළමු අර්ධයේදී 16 -0ක් ලෙස ඉදිරියෙන් සිටීමට දකුණු අප්‍රිකාව සමත් වුනා. දෙවන අර්ධය නිමාවන විට උත්සහක දිනුම් 2ක් ප්‍රවර්තන ගෝලයක් සහ දඩුවම් පහර 4ක් මගින් ඔවුන් ලකුණු 24ක් රැස් කරගත්තා. උත්සහක දිනුමක්, ප්‍රවර්තන ගෝලයක්, දඩුවම් පහරක් සහ ඩ්‍රොප් ගෝලයක් වාර්තා කල ආජන්ටිනාව රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 13ක්. මේ අනුව ලෝකඩ පදක්කම දකුණු අප්‍රිකාව හිමිකරගත්තා. දකුණු අප්‍රිකාවේ බ්‍රයන් හබේනාට ඊයේ ලකුණු වාර්තා කිරීමට නොහැකි වුනා. මේ සමග ලෝක කුසලාන තරගාවලියක වැඩිම උත්සාහක දිනුම් වාර්තා කල ක්‍රීඩකයා බවට පත්වීමට තිබූ අවස්ථාවයි ඔහු වෙතින් ගිලිහී ගියේ. මෙතෙක් එම වාර්තාවට හිමිකම් කියූ ජෝනා ලෝමු සමකිරීමට පණයි හබේනා සමත් වුනේ. ලෝමු සහ හබේනා ලෝක කුසලාන උත්සහක දිනුම් 15 බැගින් වාර්තා කර තිබෙනවා.
තරගාවලියේ අවසන් මහා තරගය අද(31) පැවැත්වෙන්නේ නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර. තරගය ලන්ඩනයේ ට්විකන්හැම් පිටියේ පැවැත්වෙනවා.