දිගු වේලාවක් කඩුල්ලේ රැඳී සිටිමින් කණ්ඩායමට විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා දීම තම අරමුණ බව කුසල් මෙන්ඩිස් ප‍්‍රකාශ කලා. ශ‍්‍රී ලංකා ඔස්ටේ‍්‍රලියා පලමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ 3 වන දිනය අවසන් වීමෙන් පසුව පැවති ප‍්‍රවෘත්ති සාකච්ජාවේදීයි ඔහු මේ බව සඳහන් කලේ. අද (29) සහ හෙට (30) දිනය තුළ තණතීරුව දග පන්දු යවන්නන්ට වාසිදායක වනු ඇති බව කුසල් සඳහන් කලා. විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගනිමින් පන්දු යවන්නන්ට සහයෝගය ලබා දීම තම අරමුණ බවයි ඔහු එහිදී ප‍්‍රකාශ කලේ. ලකුණු 250…
Read Morefetured
මනෝහර් ක‍්‍රිකට් ලෝක මුල් පුටුවට
හිටපු ඉන්දීය ක‍්‍රිකට් සභාපති ෂාසන්ක් මනෝහර් මහතා ජාත්‍යාන්තර ක‍්‍රීකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස තේරී පත් වුනා. ඒ අනුව ජාත්‍යාන්තර ක‍්‍රීකට් කවුන්සිලයට තේරී පත් වූ පලමු ස්වාධින සභාපතිවරයා වන්නේ ඔහුයි. මීට දින 3 කට පෙර ඔහු ඉන්දීය ක‍්‍රිකට් සභාපති තණතුරෙන් ඉල්ලා අස් වුනා. ජාත්‍යාන්තර ක‍්‍රීකට් කවුන්සිල සභාපති ධුරය විනිවිධ භාවයෙන් යුතුව පවත්වාගෙන යාම තම අරමුණ බවයි මනෝහර් මහතා සඳහන් කලේ. ඔහුගේ නිල කාලය වසර 2 ක්.
Read Moreවසර 9ක බොක්සිං කිරුළ ක්ලිච්ෂ්කෝට අහිමි වෙයි
ලෝක බොක්සිං හෙවිවේට් ශූරතාව බ්‍රිතාන්‍යයේ ටයිසන් ෆූරි හිමිකරගත්තා. ඒ ලෝක ශූර ව්ලැඩ්මීර් ක්ලිච්ෂ්කෝ පරදවමින්. වසර 9ක් ලෝක ශූරතාව හිමිකරගෙන සිටි ව්ලැඩ්මීර් පරාජයට පත්වුනේ වට 3-0ක් ලෙසින්. 115 ට 112ක් බැගින් පළමු වට දෙකේදී ටයිසන් ජයගත්තා. තුන්වන වටය ඔහු ජයගත්තේ ලකුණු 116-111ක් ලෙසින්. බ්‍රිතාන්‍යයේ එස්පිරිට් ඇරීනාහිදී තරගය පැවැත්වුනා.
Read Moreනවකයන් සමග මැතිව්ස් නවසීලන්තයට
නවසීලන්ත ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා පිල ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා. අලුයම 1.10ට දිවයිනෙන් බැහැර වුනේ SQ 469 ගුවන් යානයෙන්. තරගාවලිය සදහා වන සූදානම පිළිබද නායක මැතිව්ස් මෙලෙස ලක්හඩට ප්‍රකාශ කලා. ශ්‍රී ලංකාව අවසන් වරට නවසිලන්තයේදී ටෙස්ට් තරගාවලියක් ජයගෙන ඇත්තේ 1994 වසරේදී . මෙම වාර්තා කණ්ඩායමට පීඩනයක් බවට පත්ව ඇත්ද යන්න අප විමසා සිටියා. නවසීලන්ත දේශගුණය කණ්ඩායමේ දස්කම්වලට බලපෑමක් වනු ඇතිබවයි මැතිව්ස් සදහන් කලේ. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ පළපුරුදු ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා සහ…
Read Moreහියුස් සමුගෙන වසරක් සපිරෙන දිනයේ පළමු දිවා රාත්‍රි ටෙස්ට් තරගය ඇරඹෙයි
දිවා රාත්‍රි ටෙස්ට් තරගවල පළමු අර්ධ ශතකය වාර්තා කිරීමට නවසිලන්තයේ ටොම් ලැතම් සමත් වුනා. පළමු දිවා රාත්‍රි ටෙස්ට් තරගය අද ආරම්භ වුනේ ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩා පිටියේදී. ලොව පළමු දිවා රාත්‍රී එක්දින තරගය පැවැත්වුනේද නොවැම්බර් 27වනදාවක වීම විශේෂත්වයක්. අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල සියල්ලන් දැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 202ක්. රෝස පැහැති පන්දුවෙන් පළමු අන්තර්ජාතික ටෙස්ට් පන්දුව මිචෙල් ස්ටාක් විසින් මාටින් ගප්ටිල් වෙත යොමුකලා. දිවා රාත්‍රි ටෙස්ට් තරග ඉතිහාසයේ පළමු කඩුල්ල ලෙස මාටින් ගප්ටිල් දැවීගියේ…
Read Moreලෝකය දිනූ ඩිලන්ත ලංකාවට
ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆි ෆ්ලෝරීඩා 2015 නියෝජනය කල ඩිලන්ත මාලගමුව ක්‍රීඩකයා ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10 වන ස්ථානය හා ආසියානු ශූරතාවයේ 02 වැනි ස්ථානය ලබා ගැනීමට සමත් වුනා. ඉහත තරගාවලියට සහභාගී වෙමින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ලබා දුන් ඩිලන්ත මාලගමුව ක්‍රීඩකයා 2015.11.27 (හෙට) පෙරවරු 8.30 ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreශ්‍රී ලංකාව නවසීලන්තයට
නවසීලන්ත සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අනිද්දා දිවයිනෙන් පිටත්ව යනවා.ඒ අලුයම 1.10ට එස් කිව් 469 දරන ගුවන් යානයෙන්. සංචාරයේදී දෙසැම්බර් 3 වනදා සිට ජනවාරි 10 වනදා දක්වා තරග පැවැත්වීමටයි නියමිතව තිබෙන්නේ. එක්දින තරග 5ක් 20-20 සහ ටෙස්ට් තරග 2 බැගින් තරගාවලියට ඇතුලත්.
Read Moreඅප්‍රිකාව අඩුම ලකුණු සංඛ්‍යාවට දැවීයයි
ෆ්‍රීඩම් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය ජයගැනීම සදහා දකුණු අප්‍රිකා කණ්ඩායමට ලකුණු 310ක ඉලක්කයක් හිමිවුනා. තරගයේ දෙවන දිනය නිමාවෙද්දී ඔවුන් කඩුලු 2ක් දැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 32ක්. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කලේ ලකුණු 215ක් පමණයි. ඉන්දියාව හමුවේ ටෙස්ට් තරගයකදී වාර්තා කල අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා වුනේ දකුණු අප්‍රිකා පළමු ඉනිමේදී. ඔවුන් පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 79ක්. රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 5ක් සහ රවින්ද්‍ර ජඩේජා කඩුලු 4ක්…
Read Moreමුරලි හාමනි එකමුතු කණ්ඩායම නිපුන්ට
එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන මුරලි හාමනි එකමුතු කණ්ඩායමේ නායකත්වය කොළඹ ආනන්ද විදුහලේ නිපුන් හග්ගලට හිමිව තිබෙනවා. කේපී 24 පදනමේ ආරාධනයකට අනුවයි ඔවුන් මෙම දින 10ක සංචාරයට එක්වන්නේ. එංගන්ත සුපිරි පිතිකරු කෙවින් පීටර්සන් විසින් ක්‍රියාත්මක කරන කේපී 24 පදනමේ අරමුණ වී තිබෙන්නේ ලොව පුරා ක්‍රිකට් ව්‍යප්ත කිරීම. මුරලි හාමනි කුසලානයේදී හදුනාගත් දක්ෂතම ක්‍රීඩකයන් 12 දෙනෙක් සංචිතයට නම් කර තිබෙනවා. දින 7ක පුහුණු වැඩමුළුවක් සහ දින 3ක 20-20 තරගාවලියක් මෙහිදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ….
Read More41 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ ප්‍රථිඵල
41 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා සහ පිරිමි අවසන් තරග දෙකම ජයගනිමින් සමස්ත හොකී ශූරතා මධ්‍යම පළාත හිමිකරගත්තා. සමස්ත අනුශූරතව හිමිවුනේ බස්නාහිර පළාතට. පිරිමි ලෝකඩ පදක්කම වයඹ පළාතත් කාන්තා ලෝකඩ පදක්කම දකුණු පළාතත් හිමිකරගත්තා. තරගාවලිය පැවැත්වුනේ කොළඹ රීඩ් මාවතේ කෘතිම හොකී පිටියේදී. — 41 වන ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා බස්නාහිර පළාත හිමිකරගත්තා. අවසන් තරගය පැවැත්වුනේ වයඹ පළාත් කණ්ඩායමත් සමගින්. තරගාවලියේ තුන්වන ස්ථානය දිනාගත්තේ සබරගමුව කණ්ඩායම. කාන්තා අවසන් තරගය…
Read More