ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වේගපන්දු යවන ක්‍රීඩක ශමින්ද එරංග කොදෙව් පිල සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් ඉවත් කෙරුණා. ඔහු යලිත් ආබාධයකට ලක්වීමයි හේතු වී තිබෙන්නේ. නොකඩවා ආබාධවලට ලක්වීම නිසා ශමින්දට පසුගිය ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට නොහැකි වුනා. වත්මන් වේගපන්දු යවන්නන් පන්දු යැවීම පිළිබද මෙන්ම සිය ශාරීරික යෝග්‍යතාව ගැනද වඩා සැලකිලිමත් විය යුතු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානි කපිල විජේගුණවර්ධන මහතා පවසන්නේ.
ශමින්දට යලිත් ආබාධයක්
