කොමිලා , චිතගොං පරදවයි

කොමිලා , චිතගොං පරදවයි

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය කඩුලු 7කින් ජය ගැනිමට කොමිලා වික්ටෝරියන්ස් පිල සමත් වුනා. චිතගොං වයිකින්ග්ස් කණ්ඩායම සමගයි තරගය පැවැත්වුනේ. පළමුවෙන් පන්දුවට පහරදුන් චිතගොං පිල කඩුලු 4කට ලකුණු 176ක් රැස් කලා. ඇනමුල් හක් සහ සියාවුර් රහමන් ලකුණූ 39 බැගින් රැස් කලා. තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 36යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල කොමිලා පිල පන්දුවාර 18යි පන්දු 5කදී කඩුලු 3කට ලකුණු 177ක් ලබා ජය වාර්තා කලා. මාලන් සැමුවෙල්ස් නොදැවී ලකුණු 69යි. මෂ්රෆී මෝටසා ලකුණු 56ක් ලබාගත්තා….

Read More

රෝස පන්දුවට කෝලිගේ සහාය

රෝස පන්දුවට කෝලිගේ සහාය

දිවාරාත්‍රී ටෙස්ට් තරග පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දීය ටෙස්ට් නායක විරාත් කෝලි සිය ප්‍ර‍සාදය පලකරනවා. රෝස පන්දුවෙන් ක්‍රීඩා කරන ලොව පළමු දිවාරාත්‍රී ටෙස්ට් තරගය ලබන සිකුරාදා ඇරඹෙන්නේ නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර. ඇතැම් ක්‍රීඩකයන් රෝස පන්දුවට සිය අප්‍ර‍සාදය පල කර තිබුණා. කෙසේ වෙතත් කෝලි පවසන්නේ මෙය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සංධිස්ථානයක් බවයි. දිවා රාත්‍රී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමට තමාද කැමැත්තෙන් පසුවන බව ඔහු සදහන් කලා.

Read More

ඩිල්ෂාන්ගෙන් ඩිල්ෂාන්ට දැඩි ප්‍ර‍හාරයක්

ඩිල්ෂාන්ගෙන් ඩිල්ෂාන්ට දැඩි ප්‍ර‍හාරයක්

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ සයිලට් සුපර් ස්ටර්ස් සමග තරගය ජයගැනීමට චිතගොං වයිකිංස් පිල සමත් වුනා. පළමුවෙන් පන්දුවට පහරදුන් චිතගොං පිල පන්දුවාර 20දී කඩුලු 5කට ලකුණු 180ක් රැස් කලා. තමීම් ඉක්බාල් ලකුණු 69යි. යසීර් අලි රැස් කල ලකුණු සංඛ්‍යාව 63ක්. ජීවන් මෙන්ඩිස් ලකුණු 20ක් රැස් කලා. තිලකරත්න ඩිල්ෂාන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල සයිලට් පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 179ක්. එක් ලකුණක තියුණු ජයක් චිතගොං පිල…

Read More

ශ්‍රී ලංකා කාන්තා පිලට තවත් අන්ත පරාජයක්

ශ්‍රී ලංකා කාන්තා පිලට තවත් අන්ත පරාජයක්

නවසීලන්ත සංචාරයේ සහභාගි වූ අවසන් තරගයෙනුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල පරාජය වුනා. අද පැවති 20-20 තරගය පරාජය වීමත් සමගශ්‍රී ලංකාව මුහුණ දුන්නේ 3-0ක තරගාවලි පරාජයකට. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල  පන්දුවාර 20දී කඩුලු 9ක් දැවී රැස් කලේ ලකුණු 86ක් පමණයි. ඩිලානි මනෝදරා ලකුණු 23ක් රැස්කලා. තම්සින් නිව්ටන් කඩුලු 3ක් දවාගැනිමට සමත් වුනා. නවසිලන්තය දහවන පන්දුවාරයේදී ලකුණු 90ක් ලබා ජය වාර්තා කලේ එක් කඩුල්ලක් පමණක් බිදවැටී තිබියදී. තම්සින් නිව්ටන් තරගයේ ක්‍රීඩිකාව ලෙස නම් කෙරුණා….

Read More

ජොකොවිච් , ෆෙඩරර් අවසන් සටනට

ජොකොවිච් , ෆෙඩරර් අවසන් සටනට

ලෝක ටෙනිස් ශූරතාවලියේ අවසන් තරගය අද පැවැත්වෙනවා. සර්බියාවේ නොවැක් ජොකොවිච් සහ ස්විස් ක්‍රීඩක රොජර් ෆෙඩරර් අතරයි අවසන් තරගය පැවැත්වෙන්නේ. තරගය ඇරඹෙන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 11.30ට. ඊයේ පැවති අවසන් පූර්ව වටයේදී රෆායල් නඩාල් වට 2-0ක් ලෙස පරාජය කිරීමට ජොකොවිච් සමත් වුනා. ෆෙඩරර් අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ ස්ටැනිස්ලස් වව්රින්කා වට 2-0ක් ලෙස පරදවමින්. පසුගිය වසරේද අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ ජොකොවිච් සහ ෆෙඩරර්. ආබාධයක් හේතුවෙන් ෆෙඩරර්ට එවර තරගයෙන් ඉවත්වීමට සිදුවුනා. මෙවර තරගාවලියේ මූලික වටයේ තරගයකදී ජොකොවිච් පරාජය…

Read More

ශ්‍රී ලංකා කොදෙව් දෙවන 20-20 තරගය සජීව තොරතුරු

ශ්‍රී ලංකා කොදෙව් දෙවන 20-20 තරගය සජීව තොරතුරු

461 වන 20-20 අන්තර්ජාතික තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටිය කොදෙව් පිලට ලකුුණු 23ක ජයක්. 20-20 තරගාවලිය 1-1ක් ලෙස සම තත්වයෙන් අවසන් වනවා. කොදෙව් පිල ශ්‍රී ලංකා සංචාරයේදී හිමිකරගත් එකම ජය ග්‍ර‍ණය මෙය ලෙස සටහන් වනවා.  ශ්‍රී ලංකා පිල ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ සහභාගි වූ 20-20 තරග 10න් ජයගෙන ඇත්තේ 1 තරගයක් පමණයි.   20 වන පන්දුවාරය – රවි රම්පෝල් 1 0 1 0 1 W 139/10 චමීර 3 19.6 මාලිංග කඩුල්ල විවෘත කරමින් පහරක් එල්ල කරනවා. පන්දු කෙලින්ම කඩුල්ලේ…

Read More

කලින් වගේ හොඳම දස්කම් අතරට එන්න බෑ – ලසිත් මාලිංග

කලින් වගේ හොඳම දස්කම් අතරට එන්න බෑ – ලසිත් මාලිංග

තමාගේ හොදම දක්ෂතා අතරට යලිත් පැමිණීමට තමාට නොහැකි බවයි ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසන්නේ. කොදෙව් පිල සමග පැවති පළමු 20-20 තරගය අවසානයේ අප වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍ර‍කාශ කලා. හෙට පැවැත්වෙන අවසන් 20-20 තරගයේදී ක්‍රීඩකයන් සම්බන්ධයෙන් අත්හදා බැලීම් සිදු කිරීම පිළිබදවද මාලිංග අදහස් පල කලා. හෙට(11) තරගය රාත්‍රී 7ට ආරම්භ වන්නේ ඛෙත්තාරාම පිටියේදී.

Read More

ක්‍රිකට් නිලවරණය ජනවාරි 03

ක්‍රිකට් නිලවරණය ජනවාරි 03

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ජනවාරි 03 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය සදහන් කලා. ඒ සදහා මූලික කටයුතු සිදුකෙරෙන බවයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර‍ මහතා සදහන් කලේ සියලු ක්‍රීඩා සංගම් නිලවරණ ලබන වසර මුල පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් ක්‍රීඩා පනත ජාත්‍යන්තරයට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමද සිදු කෙරෙන බවයි ක්‍රීඩා අමාත්‍යංශය පවසන්නේ.

Read More

දස්කම් නැත්නම් ප්‍ර‍වීණයන් වුවද ඉවත්විය යුතු බව මාලිංග කියයි

දස්කම් නැත්නම් ප්‍ර‍වීණයන් වුවද ඉවත්විය යුතු බව මාලිංග කියයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන 20-20 තරගාවලියේ පළමු තරගය ලකුණු 30කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුනා. එළඹෙන  20-20 ලෝක කුසලානය වෙනුවෙන් හොද කණ්ඩායමක් තමා සතු බවයි 20-20 නායක ලසිත් මාලිංග සදහන් කලේ. නවක ක්‍රීඩකයන් කණ්ඩායමට ආදේශ කිරීමේ අරමුණ සහ ක්‍ර‍මවේදය ඔහු මෙහිදී පැහැදිලි කලා. දිනේෂ් චන්දිමාල් පිතිකරුවෙකු ලෙස උපරිම දස්කම් අතර සිටින බව මාලිංග කියා සිටියා. චන්දිමාල් පමණක් නොව ඇන්ජලෝ මැතිව්ස් හෝ තමා වුවද දස්කම් අතර නැත්නම් කණ්ඩායමෙන් ඉවත් විය යුතු බවයි…

Read More

මදුරුවෙක් නිසා සැමුවෙල් බද්‍රිට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි

මදුරුවෙක් නිසා සැමුවෙල් බද්‍රිට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර 20-20 තරගාවලිය ලබන සදුදා ආරම්භ වන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී. කොදෙව් 20-20 සංචිතයට නම්කර තිබූ දකුණත් පාදග පන්දු යවන ක්‍රීඩක සැමුවෙල් බද්‍රී ඉන් ඉවත් කිරීමට කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කලා. ඒ ඔහුට ඩෙංගු උණ වැලදීම හේතුවෙන්. දේවේන්ද්‍ර‍ බිෂෝ ඔහු වෙනුවට සංචිතයට ඇතුලත් කර තිබෙනවා. ඩැරන් සමී, ඩ්වේන් බ්‍රාවෝ සහ කිරන් පොලාඩ් 20-20 තරගාවලිය සදහා ශ්‍රී ලංකාවට පැමිනෙන ක්‍රීඩකයන්. ශ්‍රී ලංකා 20-20 සංචිතයත් ඊයේ නම් කෙරුණා. දිනේෂ්  චන්දිමාල් යලිත්…

Read More
1 2 3